මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන අය සොයා පරීක්ෂණ
- 22 07 2021
- 08:52
- {{hitsCtrl.values.hits}} views
- ..
මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් ඊයේ මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
මහනුවර දිස්ත්‍රිකයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳවැටෙන බැවින් මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
