මෛත්‍රී ගේ වංචා හා දූෂණ හෙළිකරනවා - ඇමති ප්‍රසන්න
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ අය බවයි.
යහපාලන ආණ්ඩුව කටයුතු කළේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් පැවසූ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ ගමන් මග ශක්තිමත් කිරීමට නම් මෙවර මහමැතිවරණයේ දී මහින්ද හැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පෙන්වා දුන්නේය.
කොටුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ඊයේ ( 05 ) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
"2015 මම මහින්ද මහත්තයත් එක්ක එළියට බහින්න ගත්ත තීන්දුව ගත්තේ අභියෝග ගොඩක් මැද්දේ. මම මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන්න හදනකොට මට විරුද්ධ බොරු නඩු පැටලෙව්වා යහපාලන ආණ්ඩුව. එදා මම ගත්ත දේශපාලන තීන්දුව නිසා මගේ නෝනගෙන්, දරුවන්ගෙන් පවා පළිගත්තා.
යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ රට කළේ බොරුවෙන්. යහපාලන ආණ්ඩුව වැඩ කළේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නෙමේ. ඔවුන් මහින්දට ගෑවුණ ගෑවුණ අයගෙන් පළිගත්තා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හැදුවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් නෛතික බලයක් දෙන්න නෙමේ. රට ෆෙඩරල් කරලා රට බෙදලා බටහිරට ඕන දේ කරන්න.
මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. මෛත්‍රී කරපුවා කියන්න පුළුවන් ලොරි ගාණක්. මෛත්‍රී කරපු දූෂණ ළගදීම රටට හෙළි කරනවා. මෛත්‍රී කියන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනෑම වැඩක් කරන කෙනෙක්. අපි චෝදනා එළි කළාම එදාට ඔහු ගැන තීරණයක් ගැනීම රටේ ජනතාවට භාරයි. මෛත්‍රීට දෙවනි නෑ රනිලුයි සජිතුයි. රනිල් මෛත්‍රීට හොරකම් කරන්න සහය දුන්නා. සජිත්ලා කළෙත් ඒකමයි. මෛත්‍රී - රනිල් - සජිත් කියන්නේ එකම අච්චුවේ අය.”

popular news
-
Dayan Monday, 06 July 2020 10:28 AM
Mythree may not be good. But you all are towards China for every thing. When China takes over any thing they bring their own people and not provide employments to locals. Even Sri Lankan are not allow to enter in to the entities they run. Please check with the Ports terminal they run in Colombo port. Even the local drivers are not allowed in. Truck has to be given to their Driver to bring the container out. Every thing inside is in Chinese language. Its like China. One day local people will have to find a country to go allowing Chinese to fully occupy. That is why I oppose you.
Reply : 0 0
sam Monday, 06 July 2020 12:36 PM
මේ ඕනෑම බොරුකාරයෙකුට ඡන්දය දීමට අපි මෝඩය
Reply : 0 0
Hemantha Monday, 06 July 2020 12:39 PM
You too not second to others. All the politicians are same in our country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
