පිලිපීනය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙන යන සටන ඇගයීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්තේගේ සතුටට ලක්ව ඇත.
පිලිපීන ජනපතිවරයා සිය ජනපතිවරණ සටනේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් එරටින් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මෙහිදී ඇතිවූ සටන්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ පිළිබඳව ප්‍රකාශයක් කරන පිලිපීන ජනපතිගේ ප්‍රකාශක හැරී රොකී පවසන්නේ,
“ අපි මත්ද්‍රව්‍යයට එරෙහිව කරන සටන අනෙකුත් රටවල්වල අවධානයට යොමුවීම සතුටට කරුණක්. ඔවුන් දකිනවා අපි නීතිවිරෝධී මත්ද්‍රව්‍යයට එරෙහිව හොඳින් කටයුතර කන බවට ඉතින් අපි ඒක අගය කරනවා” යනුවෙනි.
ඩුටාර්ටේගේ පාලන කාලය තුළ මේ දක්වා මරණයට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංඛ්‍යාව 4354ක් බව දැක්වෙන අතර 2016/07/01 දා සිට 2018/06/30 දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 147802කි.
