මේ රටේ මිල්ටරි පාලනයක් ගැන කථාකරන්න සුමන්තිරන් මහත්මයට කිසිම සදාචාරාත්මක හා දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කළේ අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ පැවති සාකච්ජාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා ,
"සුමන්තිරන් මහත්තයට කිසිම අයිතියක් නැහැ මෙවැනි අදහස් පලකරන්න. මොකද මේ අය මේ ආණ්ඩුවට උදවු කරන අය නෙමෙයි. ඒ අය උදවුකරන්නේ එජාපයට . ඒකෙ කොටස්කරුවෝ. මේ කරන්නේ එජාපයේ මෙහෙයුමක්. එජාපය අවුරුදු 05ක් ආණ්ඩුවේ ඉදලා ඡන්දය දීපු දමිළ ජනතාවට කිසිදු සේවයක් කරන්නේ නැතිව ඒ ජනතාවගේ ඡන්දය එජාපයට පාවල දීපු සුමන්ත්‍රිරන් මහත්තයා අද නැවත වතාවක් එජාපයේ අවශ්‍යතාවයන්ට කටයුතු කරනවා.
අද ගෝඨාභය මහත්තයා කොතරම් සාධාරණව මේ මැතිවරණ කාලයේදී හැසිරෙනවද කියලා. තමන් පත් කරපු තමන්ගේ ආණ්ඩුවේ නිලධාරීන්ට නියෝගයක් දෙනවා කිසිදු දේශපාලන කටයුත්තකට මැදිහත් වෙන්න එපා කියලා. ඒ නිලධාරීන් පත් කළේ ඒ රාජ්‍ය ආයතනයේ කටයුතු සදහා පමණයි කියලා. ඉතින් එවැනි පාලනයක් අද මේ රටේ තියෙනකොට සුමන්තිරන් මහත්තයට කියන්න දෙයක් නැතිවෙනකොට මිල්ටරි පාලනයක් ගැන කතා කරනවා.
ප්රභාකරන් උතුර පාලනය කරන කාලේ සුමන්තිරන් මහත්තයා කොහෙද හිටියේ. එතකොට මේ මිල්ටරි තිබ්බේ නැද්ද. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්රභාකරන් ඉවරකරලා දමිල ජනතාවට ජන්ද බලය ලබාදීපු නිසානේ. දැන් ඒ ගොල්ලන්ට තේරෙනවා එන්න එන්නම දමිල ජනතාවත් ඒ අයට ජන්දය දෙන්නේ නැහැ කියලා. ප්රභාකරන් හිටිය නම් සුමන්තිරන් මහත්තයලාගේ පක්ෂය හැමදාම රාජ කරනවා. අද ඒගොල්ලන්ට රජකරන්න බැරිවෙලා තියෙන්නේ ප්රභාකරන් නිසා. අන්න ඒ නිසා තමයි අද ඒ තරහට මෙවැනි ප්‍රකාශ සිදුකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මෙරට නීතියට අවනත නොවී මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදියට අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. පෞද්ගලිකවම මම ඒ ගැන කනගාටුවෙනවා. මොකද වගකිවයුතු රටක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් මේ ලෝකෙම සෞඛ්‍ය අර්බුදයකට මුහුණපාලා තිබෙන අවස්ථාවේ එක එක රටවල් වල සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට ගරු කරන්නේ නැතිව හැසිරීම පිළිබදව අපි කනගාටු වෙනවා.
මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවන්න බලධාරීන් වගකියන්න ඕන කියන කාරණය අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වගකිවයුතු රාජ්‍යයන් වල රාජ්‍ය නායකයන් නිසා රාජ්‍ය යාන්ත්‍රණය ඉල්ලන්නේ කරුණාකරලා මේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ රටවල් වල මේ වෙලාවේ පවතින තත්ත්වය පාලනය කරන්න නොයෙක් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. කරුණාකරලා එකට අනුගතවෙන්න ඒවාට ගරුකරන්න. තමන්ගේ තානාපති වරප්‍රසාද වලට හැංගිලා තමන්ගේ රටේ හයිය පෙන්නන්න සූදානම් වෙන්න එපා මොකද ඒ තුල අපහසුතාවයට ලක්වෙන්නේ මේ ලෝකයේ ජනතාව විතරක් නෙමෙයි ඒ රටවල් වල ආණ්ඩුවත් අපහසුතාවයට ලක්වෙනවා. මොකද මේ කොරෝනා කොහේ ඉදලද ආවේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් එක එක රටවල් වලට ඇගිල්ල දික්කරන්න යන්නේ. ඉතින් මේ වගේ දේවල් උනාම අපිටත් හිතෙන්නේ මේ රටවල් සැලසුම් සහගතව කොරෝනා අන් අපේ රටවල් වලට එවනවා කියල හිතෙනවා.
