2020 මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඡන්දය ඉල්ලා සිටි මහින්ද අමරවීර මහතා අද 05 වනදා පෙරවරු 11 ට පමණ අගුණුකොළපැලැස්ස මහානාග විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරන ලදී.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා
''අපේ මැතිවරණය සාමකාමී මැතිවරණයක් ලෙස සිදුකිරීමට අපි වගබල ගත්තා කිසිදු පොලිස් පැමිණිල්ලක් නැති ,මඬ ගැසීම් චරිත ඝාතන වලින් තොර මැතිවරණයක් තමයි අපි ක්‍රියාත්මක කලේ . ඒ වගේම වෙනත් පක්ෂවල අය අපිට එකතු වීමක් තිබුණ ඒ නිසා මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන 05ක් පමණ ගත හැකිබවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
අවුරුදු 72ක් මෙරට දියුණු කරන්න බැරිවුණා අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට දියුණු කරයි කියල. ඒ වගේම මේ ඡන්දදී අපිට පෙනුන දෙයක් තමයි හොරකම වංචාවට දුෂණයට විරුද්දව ජනතාව පෙළ ගැසී සිටීම. ඒ නිසා ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම මේ පත්වන මැති ඇමතිවරුන්ගේ වගකීම වෙනවා . ඒ වගේම හම්බන්තොට වගේම ලංකාවේ සෑම කාන්තාවකට ජීවත්වෙන්න පුළුවන් ආකාරයේ ස්වයං රැකියා වැඩි කරන්න ඕනේ තරුණයින්ට රැකියා අවස්ථා වැඩි කරන්න ඕන මෙරටම වැඩ බිමක් කරන්න ඕනේ ඒ සදහා අපි උත්සහ දරනවා.
