මේ මොහොතේ රට වෙනුවෙන් සේවය කරන කිසිදු රාජ්‍ය සේවකයෙකුට පහරදිම් නොකළ යුතුයි
සමෘද්ධී සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන් , ආර්ථික සංවර්ධන නිලධාරින් ,ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් මේ දිනවල සුවිශාල වූ කාර්යභාරයක් රට වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත් ඔවුන්ට දඬුවම් කිරීමට පහර දීමට කිසිදු අයෙකුට අයිතියක් නොමැති බවද එම නිලධාරීන්ට සිදුකරන පහරදීම් සහ නොයෙකුත් අවලාද නැගීම් සිදු නොකරන්නැයි සමස්ත ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ නාවුල ප්‍රදේශයේ සමෘද්ධී සංවර්ධන නිලධාරියෙකු රාජකාරි කටයුතු සිදු කරමින් සිටියදී යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු පහර දීමකට ලක් වීමෙන් පසු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඒ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යවේදින් අමතමිනි .
ඇදිරි නීතිය පැවති අවස්ථාවේදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පොළොන්නරුව මහ රෝහලට ගොස් මෙම නිලධාරියාගේ සුවදුක් විමසා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳවත් රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙන්න යි රෝහල් බලධාරීන්ට දැනුම් දුන්නේය.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියාසිටියේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් සමෘද්ධී සංවර්ධන නිලධාරි ආර්ථික සංවර්ධන නිලධාරීන් තමාගේ දරුවන් මෙන් ආරක්ෂා කරන බවය
මන්ද රටේ පවතින මේ තත්ත්වය නිසා ඔවුන් සුවිශාල සේවාවක් ඉටු කරන බවය .මෙම නිලධාරීන් පිළිබඳව චෝදනාවක් ඇත්නම් එය දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත දැනුම්දීම ජනතාවගේ වගකීම බවත් එහෙම නොමැතිව ජනතාවට මෙම නිලධාරීන්ට දඬුවම් කිරීමට කිසිම අයිතියක් නැති බවද පැවසීය.
රාජ්‍ය නිලධාරීන්ට පහර දීම් සහ විවිධ අඩත්තේත්ටම් කිරීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

popular news
-
චමින්ද Monday, 06 April 2020 04:00 PM
මේ මොහොතේ රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන අයට පහරදුන්නාට වරදක් නැද්ද ඇමතිතුමා.ඔබතුමාගේ ප්‍රකාශයෙන් එවැනි අදහසකුත් මතුවෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

