ලොව පුමුඛ පෙළේ කොවිඩ් එන්නත් කිහිපයක ඵලදායිතාව මාස 06 කදී ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට හෙළිව ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.
එන්නත්වල ඵලදායිතාව පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති පර්යේෂණයක ප්‍රතිඵල ඇතුළත් ලෝක ප්‍රකට සයන්ස් සඟරාව උපුටා දක්වමින් ඔහු ඒ බව සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වා සිටි රාජ්‍ය අමාත්‍යවරයා,
”එළඹෙන දෙසැම්බර් මාසේ වෙනකොට අපිට නැවතත් අගෝස්තු මාසයක් උදාකරගන්න අවශ්‍ය නැහැ. බරපතළ ලෙස ආයාචනය කරනවා. මුහුණු ආවරණ පළඳින්න. එකිනෙකා අතර පරතරය තියාගන්න. පරිස්සම් වෙන්න කියන කාරණය. මොකද ලෝකයේ තියන ප්රවණතා පිළිබවඳ අපි අවධානයෙන් ඉන්නෙ, මේ දෙසැම්බරයේ එනපොට හොඳ නැහැ කියලයි මේ පර්යේෂණ දත්තවලින් පෙන්නුම් කරන්නේ”