මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ
ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ,කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩ දන්න කෙනෙක් නෙමෙයි.මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැතයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන අඛණ්ඩ උපවාස අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් සඳහන් කළේය.
මොරගහකන්ද සහ ඇලහැර ොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන හතළිස් එකක් ඒකාබද්ධව රස්ායනික පොහොර ලබා දෙන ලෙසට බලකපළකරමින් ඉකුත් 24 වෙනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කළහ. 31 වෙනිදාට ගොවි උපවාසයට දින අටක් ගත් වූ පසු එම අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.
මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා . ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරු මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන් සමග සංවාදයට එක්වෙමින් සඳහන් කළේය.
ගොවියකු මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්. නැවත බලයට පත්වුවහොත් ොවීන්වීන් වෙනුවෙන් කුමක් කරන්නේද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ .තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්,කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත්දුරටත් සඳහන් කළේය.
ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන රටක් නොමැති බවත් ,ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොර වලින් සීයට 50කින් පමණ බව ද සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය. තම ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණක් බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස් බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමුවරට මිනී පෙට්ටි වලට පවා තමා කර ගැහූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න
popular news
-
L.G.P.Jathunarachchi. Monday, 01 November 2021 03:49 AM
Hon. Ex President, Presidency is not divided yet.
Reply : 0 25
PRIYANTHA Monday, 01 November 2021 07:28 AM
Dear Editor, Please publish the news with present Designation of the person (He is now MP - Polonnaruwa District) This is a repeated error
Reply : 0 0
Nandana Monday, 01 November 2021 09:39 AM
Government don't want scarecrow' s idea.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

