මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු 2022 වසර සඳහා වන අයවැය සෝමාලියානු පන්නයේ අයවැයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශිලි අයවැයක්.නමුත් ලැබුණේ හිස් ප්රලාපයක්.ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදි අයවැයක්. නමුත් ලැබුණේ ප්රතිගාමි පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිඟය අවම කරන සැලැස්මක් නෑ. ජිවන වියදම උද්දමනය නිමා කරන්න වැඩපිළිවෙලක් නෑ. ජන ජිවිත ගොඩනගන වැඩපිළිවෙලක් නෑ.ගොවියා නගා සිටුවන ක්‍රමවේදයක් නෑ.ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ".
කෙටිකාලින,මධ්‍යකාලින,දිගුකාලින වැඩපිළිවෙලක් නැති හිස් ලියවිල්ලක්. කොටින්ම කිවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.