මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර අනිද්දා විවෘත කෙරෙනවා.
රෝහලක් තුළ ඉදි කෙරෙන මෙරට විශාලතම පිලිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය මෙයයි.
මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෙවැනි වන ලෙස ඉදිකර ඇති මෙම ඒකකය ඉහළම තාක්ෂණික උපකරණවලින් සමන්විතයි. ඇදන් 600 ක ධාරිතාවක් සහිතව ඉදි කෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 1945 ක් වැය කෙරෙනවා.
පළමු අදියරේ ඉදි කිරීම් සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර දෙවැනි අදියරේ ඉදි කිරීම් ද සියයට තිස් තුනකින් අවසන් කර තිබෙනවා.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ඒකකය විවෘත කිරීමට නියමිතයි.