මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය ඔක්තෝම්බර් 7 වනදා සිට නොවැම්බර් 6 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
2021 මැයි 11 දින සිට නොවැම්බර් 6 දින දක්වා කාලසීමාව තුල කල් ඉකුත් වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර, කිසිදු දඩ මුදලක් අය නොකරන බව එම නිවේදනයේ සඳහන් වෙයි.