මෙරට තරුණයින් දහසකට ජපානයේ රැකියා අවස්ථා
මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව ඊයේ (15) සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා පැවසුවේය.
මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාවේ තරුණ පිරිසකට ජපානයේ රැකියා අවස්ථා දහසක් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පල කළේය.
මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව ද අමාත්‍යවරයා කිවේය.
මෙම සාකච්ඡාවට ජපානයේ ගොවිපල හිමිකරුවන් සමඟ හ්‍රී ලංකා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

