මෙරට ජනතාව සංවර්ධනයෙන් ප්රජාත්රාන්ත්රවාදයෙන් දිනවිමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය තුළින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය .
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (14) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා ,
අපි මෙවර මැතිවරණයට සූදානම් වන්නේ දිනන්නයි. අපි දිනමු කියන තේමාව යටතේයි අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ . අපි දිනන්නේ කොහොමද ? මේ අටේ මිනිස්සුන්ගේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදය අපි දිනවනවා. මේ රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් අපි දිනවනවා. අපේ රටේ මිනිස්සුන්ට ආර්ථක වශයෙන් සංවර්ධිත රටක ජීවත් වීමේ අයිතිය අපි දිනවනවා.
මිලිටරි කරණයකට යන්නේ නැතිව අපි දිනවනවා. ඒකාධිපති පාලනයකට යන්නේ නැතිව පවුල් පාලනයකට යන්නේ නැතිව අපේ රටේ ජනතාව දිනවනවා. ජනතාව ප්රජාත්රාන්ත්රවාදයෙන් දිනවීමේ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ.
ඒ සඳහා සමගි ජන බලවේගයේ සියලු අපෙක්ෂකයෝ එකතු වෙලා ඊයේ දවසේ අපි වැඩමුළුවක් පැවැත්වූවා. අපි වැඩසටහන අපි දියත් කරලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සියලුම අපෙක්ෂකයෝ එක තැනකට ඇවිත් වැඩමුළුවකට ඇවිල්ලා මේ මැතිවරණ ක්‍රියාන්විතය ආරම්භ කළේ. අපි මේ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති දක්වා ගෙනිහිල්ලා මේ දූෂිත දුර්දාන්ත පාලනය වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවලා මේ රටේ වැඩ කරන්න පුළුවන් ජනතාව ගැන හිතන ජනතාවට ආදරේ කරන රාජ්‍ය සේවකයාට ආදරේ කරන රට විරුවට ආදරේ කරන ගොවැට ආදරේ කරන පුංචි මිනිහට ආදරේ කරන ආණ්ඩුවක් අපි පිහිටුවනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා".
