රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා හා ප්‍රංශයේ කෘෂිකාර්මික පර්යේෂණ හා සහයෝගිතා සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා.
නිවර්තන සහ මධ්‍යධරණී කලාපීය තිරසර සංවර්ධනය සඳහා මෙම සංවිධානය සහාය දක්වනවා.
සාකච්ඡාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සාකච්ඡාවට එක්වුණා.
මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා පර්යේෂණ සිදුකරන ආයතනවලට සහාය ලබාගැනීමේ අරමුණින් සාකච්ඡාව පැවැත්වුණා.