මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර අග මුල ගිය තැන් සොයනවා
අපි රජයක් විදිහට මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයන බවත් රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කලුතර වියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,
2015 වර්ෂයේ අපේ රජය යන විට ලංකාවේ කුඩු සම්බන්ධ නඩු තිබුණේ 6600යි. මම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක පසුගියද සාකච්ඡා කළා. 2016 නඩු 8000ක් වුණා.2017 වනවිට ඒ තත්ත්වය 11,000 ක් වෙලා. 2018 වන විට 12,000 ක් බවට පත් වෙලා. පසුගිය අවුරුද්දේ නඩු 16 දාහක් බවට පත් වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ මේ මාස කිහිපයට මේ දක්වා කුඩු සම්බන්ධ නඩු 13 දාහක් වාර්තා වෙලා තිබෙනවා. මේ තත්ත්වයෙන් මේ රට බේරගන්න ඕන. වත්මන් රජය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරනවා වගේම දීර්ඝකාලීනව මේ රට ඉදිරියට ගන්න කටයුතු කරනවා.
මම එකක් කියන්න ඕන අපි මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරනවාමයි. මේ රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල අපි හොයනවා. ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නම් ඒකත් හදනවා. අද තියෙන සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහන් කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ කියන්නේ සියයට 05ක්. විසි දෙනෙක්ගෙන් එක් කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙලා. මේ තත්ත්වය ඉතා භයානක තත්ත්වයක් බවත් එම තත්ත්වය තුරන් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි ශක්තිමක් නායකයෙක්ට පමණක් බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

popular news
-
Kumar Wednesday, 02 September 2020 11:54 PM
If you can do that you will the greatest man on earth. Only on time I read that in Maharagama addicts were collapsing all over the town due to a shortage of narcotics. Talk about rehab, then something will happen to the better. I hear the UK has a good model and may be worthwhile looking at it. To put in a nutshell at the moment you sound like clown.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

