රජයේ විශ්‍රාමිකයන් සහ ආබාධිත රණවිරුවන් හා මූලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයන් අඩු ආදායම්ලාභීන් ලෙස සලකන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පැල්මඬුල්ලේ පැවැති උත්සවයකදී ඔහු පැවසුවේ ඉඩම්ලාභීන් තේරා ගැනීමේදී අඩු ආදායම්ලාභී සීමාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීමටද කටයුතු කරන බවයි.
“ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කිසිදු හේතුවක් මත නොමිලේ ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නොමැති හෙයින් ඉඩම්ලාභීන් තෝරා ගැනීමේදී අඩු ආදායම් සීමාව රුපියල් පන්දහසේ සිට විසිපන්දහස දක්වා ඉහළ දමමින් වැඩි පිරිසකට ඉතා අඩු මුදලකට ඉඩම් කැබැල්ලක් ලබා දීමට අපි කටයුතු කරනවා.
එපමණක් නොව රජයේ විශ්‍රාමිකයන් සහ ආබාධිත රණවිරුවන්ද, මූලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයන්ද අඩු ආදායම්ලාභීන් ලෙස ගැනෙන හෙයින් මෙරට ඉඩම් කැබැල්ලක් අහිමි ලක්ෂ ගණනකට සෙත සැලසෙනවා” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
පාසල් ඇතුළු රජයට අයත් විවිධ ආයතනවල පිහිටි භූමිවල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12,000ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
