දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ අවධානම ඉතා ඉහළ බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව පුත්තලම සිටි කන්කසන්තුය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 60-65 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
