මුහුදෙන් රට පනින්න ගිහින් කොටු වෙයි - කුඩා දරුවනුත් ඒ අතර
නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටි බාල වයස්කාර දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනා (3) වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිලධාරින්ට ඊයේ ( 1 ) දින සවස නියෝග කෙරුණි .
මෙසේ බන්ධනාගාර ගත කළේ යාපනය , කිලිනොච්චි , හා මුලතිව් පදිංචි වයස අවුරුදු 12ක දැරියක් අවුරුදු 10ක පිරිමි දරුවකු මොවුන්ගේ මව බව කියන කාන්තාවක් හා වයස අවුරුදු 26 සිට 40 දක්වා සිමාවන් පසුවු තවත් සැකකරුවන් අට දෙනෙකි.
අදාළ සැකකරුවන් යාපනය සිට පැමිණ මුන්දලම උඩප්පුවට ගොස් උඩප්පුවේ සිට මුහුදු මාර්ගයෙන් ට්‍රෝලර් යාත්‍රාවකින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටින බවට පුත්තලම පොලීසියට ලැබුණ තොරතුරක් මත 1 දින අළුයම අත් අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා පුත්තලම මුලස්ථාන පොලීසිය මගින් ආගමන විගමන පනතේ 45/1 වගන්තියේ අ යන්න යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව තමන්ට මේ සඳහා ඇප ලබා දිමට බලයක් නොමැති බව දන්වමින් මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් වන තුරු සැකකරුවන් බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබුණි.
පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා පුර්ණ අධික්ෂණය යටතේ සැකකරුවන් සම්බන්ධ පරික්ෂණ ආරම්භ කිරීමට පුත්තලම මුලස්ථාන පොලීසිය කටයුතු කර තිබේ.

popular news
-
Nimal Tuesday, 02 April 2019 12:20 PM
අද ශ්‍රීලාංකිකයන්ට වෙලා තියන්නේ ජීවත්වීමට වෙන ආර්ථිකය යහපත් රටවලට යාම තමයි. මෙයට 70 වසරක් මෙරට පාලනය කරපු දේසපාලුවන් වග කියන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

