මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2.00 තෙක් වලංගු වෙයි.
ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5 ත් අතර (ගොඩබිමට එන රළ නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
