විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩවල ලිපිනයන් මැකී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමක් අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
එහිදී ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී විදෙස් රට වලින් මුහුදු මාර්ගයෙන්
ගෙන්වූ තැපැල් භාණ්ඩ වල ලිපිනයන් මැකීගොස් ඇති බවට තමා කළ ප්‍රකාශය පිළිබද විවිධ මත පළවී තිබූ බැවින් එය පැහැදිලි කිරීම කළ යුතු බවත් ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එය සිදු කරන බවත් කී අමාත්‍යවරයා, විදෙස් රට වලින් මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තැපැල් භාණ්ඩ වල ලිපිනයන් මැකීගොස් ඇත්තේ වතුර වැදීමක් නොවන බව සඳහන් කළේ ය.
