මුලතිව් වලින් යුද හමුදාවේ වෝකිටෝකි, නිලඇඳුම් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට
මුලතිව් අලම්පිල් ප්රදේශයේ යුද හමුදාව භාවිතා කරනු ලබන නිලඇඳුම් හා වෝකිටෝකි ඇතුළු උපකරණ රැසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අද (01) උදෑසන සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත.
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වන සේනාංකයේ සෙබළුන් විසින් අලම්පිල් ප්රදේශයේ පිහිටි අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී මෙම උපකරණ තොගය හමු වී ඇත.
එහිදී ගොඩනැගිල්ල තුළ සඟවා තිබූ නවීන පන්නයේ ගමන් කතන (වෝකිටෝකි) 09ක්, යුද හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් කිහිපයක්, තියුණු පිහියක්, යුද හමුදා ජැකට්ටුවක්, නවීන පන්නයේ දුරේක්ෂයක්, සහ යුද හමුදාව භාවිතා කරන සපත්තු ජෝඩු 02ක් මේ අතර වෙයි.
අදාළ උපකරණ යුද හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කිසිවෙකු නොසිට ඇති අතර එම උපකරණ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දීම පියවර ගෙන ඇත.
අදාළ සන්නිවේදන උපකරණ හෝ අනෙකුත් දෑ සම්බන්ධයෙන් කිසිදු නීතිමය අවසරයක් නොමැති අතර එම ගොඩනැගිල්ලේ අයිති කරුවන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බව මුලතිව් පොලීසිය වැඩිදුරටත් පවසයි.

popular news
-
Champa Wednesday, 01 May 2019 06:04 PM
TNA එකට උතුරු නැගෙනහිරෙන් හමුදාව එලවන්න ඕනේ වුනා. දැන් කොහොමද? දැන් ආරක්ෂාව ඉල්ලනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

