මුලතිව් වනයකදී යුද හමුදා සෙබළෙකුට වලස් ප්‍රහාරයක්
මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත වනයකදී වලසෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලත් යුද හමුදා සෙබළෙකු ඊයේ (19දා) රෝහලගත කළ බව මුලතිව් පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ තන්නිමුරිප්පු රක්ෂිත වනයක් ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරක සෙබළෙකු වන අතර ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා වනයට පිවිස සිටියදී එකවරම කඩා වැදුණු වලසෙකු සෙබළාගේ මුහුණ ප්‍රදේශයට හා හිස ප්‍රදේශයට පහරදී තිබේ.
එහිදී වලසා සමග දරුණු ලෙස පොරබදා අදාළ යුද හමුදා සෙබළා කඳවුරට දිවවිත් තිබෙන අතර හමුදා නිලධාරීන් බරපතළ තුවාල ලත් සෙබළා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහල වෙත මාරු කළ බවත් මුලතිව් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
rocky Saturday, 21 July 2018 05:23 PM
මල කෙලියයි! ඒ ගමන කොටි වෙනුවට වලස්සුද? විමල් වීරවංස මහත්තයට රට ජාතිය වෙනුවෙන් මොනවා හරි දොඩවන්න තවත් පොයින්ට් එකක් වගෙයි !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

