මාස තුනකට වැඩි කාලයක් පුරාවට මුලතිව් දිස්ත්රික්කයට බලපෑ වියළි කාලගුණය නිමා කරමින් ඊයේ (02දා) සවස ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණි. අධික වර්ෂාවත් සමග අයිස්ද වැටුණු බවට මුලතිව් වැසියෝ පැවසූහ.
පැවති වියළි කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව සිටි අතර ඊයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව අස්වැසිල්ලක් වූවා සේම ඉදිරියටත් වැසි ඇදහැලෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.
නමුත් මුලතිව්හි ගොවීන් කියා සිටියේ ඊයේ දිනයේ ඇදහැලුණේ හදිසි අවපාතයකින් ඇති වූ වර්ෂාවක් හෙයින් ඉදිරියේදී වර්ෂාව පිළිබඳ එතරම් විශ්වාසයක් තැබීමට නොහැකි බවයි.
මධුශංක අමරසිංහ

