මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නඩු තීන්දුව දෙයි
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනු කොට ඇති නඩු දෙකකින් එක් නඩුවක තින්දුව අද (06) දින මුලතිව් මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර් මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලයේ නීරාවි පුල්ලයාර් කෝවිල ලෙස නම සඳහන් කළ යුතු බවටත් දෙපාර්ශවය අතර සාමය කඩවීමේ සිදුවීමක් නොවන බවට වූ පොරොන්දුව සමඟින් බැඳුම්කරයකට අත්සන් කළ යුතු යැයි යන නියෝගය මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා විසින් ලබා දෙන ලදි.
මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කොට ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කල යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව අද (06) දින ලබා දුන් අතර , පුරාවිද්‍යා භූමියකට ඇතුල් වී ස්වාමීන් වහන්සේට බැණ තර්ජනය කොට පුරාවිද්‍යා භූමියේ කැනීමක් කල බවට වූ බී වාර්තාව දෙවන නඩුව වෙයි.
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ,
‘‘ ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලයේ මෙතෙක් නම් කොට ඇති ඝනපති විෂ්ණු කතරගම දේවාලයට නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කිරීම සාධාරණ නොවන බවටත් මුලතිව් අධිකරණයේ පැවති නඩු විභාගයට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයාම පැමිණ දැනුම් දුන්නේ අදාළ ස්ථානයේ කෝවිලක් නොමැති බවටත් එය බෞද්ධ සිද්ධස්ථානයක් වන බවත් එවැනි පසුබිමක පන්සලක් තුළ කෝවිලක නමක් තැබීම යුක්ති සහගත නොවන බවටත්ය.
පාර්ශව දෙක අතර සාමය ආරක්ෂා වීම සඳහා වූ බැඳුම්කරයට අත්සන් කළද සෑම පන්සලකම දේවාලයක විෂ්ණු කතරගම දෙවියන්ගේ පිළිම ඇතුලත් දේවාලයක් තිබුණද කිසිදු පන්සලක කෝවිලක් නොතිබීමත් මෙසේ පන්සල තුළ කෝවිලක නමක් යෙදීමට නියෝගය ලබා දීම පිළිනොගන්නා හෙයින් වවුනියාවේ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවට මුලතිව් මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩිදුරටත් පැවසීය.
අද දින පැවති නඩු තීන්දුව සඳහා මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන්ද සහභාගී විය.
popular news
-
චමින්ද Monday, 06 May 2019 05:23 PM
1අලි මදිවට හරක් කිව්වලු 2 රංජන් රාමනායක වැරදිද
Reply : 0 0
Champa Monday, 06 May 2019 05:41 PM
සම්පූරණ අගතිගාමී අවිචාරවත් තීන්දුවක්. පන්සලේ දේවාලය කෝවිලක් විදිහට නම් කරන්න කියන්නේ කොහොමද? යකෝ මේ රටේ සිංහල බෞද්ධයන්ට හැර අනික් හැම පරයටම තියෙනවා තමන්ගේ ආගම රටේ ඕනෑම තැනක අදහන්න නිදහස. පුරා විද්‍යා කොමසාරිස්ගේ කතාවට සම්පූරණ එරෙහි තීන්දුවක්. තනිකරම පක්ෂග්රහියි. මේ පල්ලියේ දේවාලේ වහල දාන්න ඕනේ. ඕනාවට වැඩිය සාධාරණ වෙන්න ගිහින් දැන් පන්සලත් නැති වෙනවා. උතරු නැගෙනහිර නඩු අදහන්න දාන්න ඕනේ සිංහල නඩු කාරයෝ. කොහොමත් භාෂා පරිවර්තකයෙක් ඉන්න එපාය. හුගක් දේවල් තියෙනව හරි ගස්සන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

