රට සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ සැළැස්මක් ඇති බවත්, එතුමාගේ ඉදිරි කටයුතු සඳහා සහාය දැක්වීමට මෙවර මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට තිරණය කළ බවත් සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයකු වන ප්රභාකරන් මුරලිදරන් මහතා පැවසීය.
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ අද (09දා) පැවති කාන්තා දින සැමරුම් උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මුරලිදරන් මහතා එසේ පැවසීය.
“අපේ රටේ මොණරාගල දිස්ත්‍රික්කය වගේම නුවරඑළිය දිසත්රික්කයත් ගොඩක් දුෂ්කර දිස්ත්‍රික්කයක්. අඩුපාඩුකම් හා ගැටළු රැසක් මැද වතු කම්කරුවන් විශාල පිරිසක් ජීවත් වන පළාතක්.
අපි සියළු දෙනාම එකතු වෙලා මේක සංවර්ධනය කරන්න ඕන. ඒ සඳහා මට පුළුවන් දායකත්වය දෙන්න සූදානම්. වතු කම්කරුවන්ගේ ආදායම් වැඩි කර ගන්නා ස්වයං රැකියා අවස්ථා වගේම අනෙකුත් පහසුකම් ලබා දිය හැකි යම් වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”
ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
