රොටරි සමාජය හා සිංහ සමාජය සම්බන්ධයෙන් තමන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දක්වෙයි.
පසුගියදා කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි, සිංහ හා බෞද්ධ සමාජයන්හි සභාපතිතනතුරු දරන බවත් එය තමා හොඳින්ම දන්නා බවත්ය.
තමා මේ කළ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ සිත් රිදීමට හේතු වූ බව හොඳින්ම දන්නා බවත් ඒ සියල්ලන් වෙනුවෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
