මුදල් ඇමති මංගල සමාව ඉල්ලයි
රොටරි සමාජය හා සිංහ සමාජය සම්බන්ධයෙන් තමන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දක්වෙයි.
පසුගියදා කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි, සිංහ හා බෞද්ධ සමාජයන්හි සභාපතිතනතුරු දරන බවත් එය තමා හොඳින්ම දන්නා බවත්ය.
තමා මේ කළ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ සිත් රිදීමට හේතු වූ බව හොඳින්ම දන්නා බවත් ඒ සියල්ලන් වෙනුවෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

popular news
-
Champa Tuesday, 17 July 2018 11:19 AM
අනේ මේ කැබිනට් ඇමතිවරු පව් අප්පා. ඉහගෙන නානවා. ඇදගෙන නානවා. තව නාවනකම් ඔලුව අල්ලාගෙනත් ඉන්නවා.
Reply : 0 0
Champa Tuesday, 17 July 2018 11:30 AM
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මොකක්ද මේ කියන්නේ. ඒ කතාව බොරුවක් කියලාද කියන්නේ? දැන් ඔය වගේ කීයක් නම් බොරු කිව්වද 2015 ජනවාරි ඉඳන්? You owe an apology to MR too. තව බාල්දියක් on the way ඔන්න. අර Russian කතාව. හරි වැඩේ ආණ්ඩුවට වෙන්නේ. ඔන්න අපි දන්නේ නැහැ පන්සිල් ගන්න බැරි වෙනවා ඔහොම ගිහින්. එල්ලුම් ගහ හින්ද පලවෙනි ශික්ෂාපදය කියන්න බැහැ. දැන් හතරවෙනි ශික්ෂාපදයත් කියන්න බැහැ. මීට පස්සේ තුන් සිල් තමයි ගන්න වෙන්නේ. ආ නැහැනේ ආණ්ඩුවට පස් වෙනි ශික්ෂාපදෙත් කියන්න බැහැනේ බාර් වැඩෙයි බියර් වැඩෙයි නිසා. එතකොට සිල් පද දෙකයි කියන්න වෙන්නේ. පිස්සුද, ආණ්ඩුව මහ බැංකුව බිඳපු හින්ද දෙවෙනි ශික්ෂාපදෙත් කියන්න බැහැ. එකයි ඉතුරු. One sil. පව් අප්පා. හොඳ වෙලාවට බදු ගහනවට ශික්ෂාපදයක් තිබ්බේ නැහැ.
Reply : 0 0
සෙනෙවි Tuesday, 17 July 2018 01:30 PM
සමහරුන්ට තමන්ගෙ මව කෙලෙසල සොරි කියල ෂේප් වෙන්නත් පුළුවන්
Reply : 1 0
Deepal Nirosh Tuesday, 17 July 2018 03:51 PM
ඒ වුණාට එදා උඩුවෙ ධම්මා.... උන්නැහැ කතාවට නම් සමාව ඉල්ලන්න බැරි වුණා. ලජ්ජාවෙ ද මන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

