මුඛ ආවරණ පැළදීමට උපදෙස් දෙන ඩ්‍රෝන යානා
චීනයේ විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙම වෛරසයේ පැතිරීම තරමක් වේගවත් වෙනවා.
එම වෛරසය අන් අයට බෝවීම වැළැක්වීම සඳහා මෙන්ම එයින් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පයක් වන්නේ තම නිවාස තුළටම වී සිටීමයි.
අනෙක් අතින් යම්කිසි රාජකාරියක් වෙනුවෙන් තම වාසස්ථානයෙන් පිටතට යන්නේ නම් මුඛ ආවරණ පැළදීම තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාවට වැදගත් වෙනවා.
චීනය මෙම රෝගය පාලනය කිරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ අතරදී ඔවුන් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් මුඛ ආවරණ නොපැළද එළියේ ගත කරන ජනතාව හඳුනාගමින් ඔවුන්ට මුඛ ආවරණ පළදින ලෙස උපදෙස් දීමට කටයුතු කරනවා.
ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය මේ පිළිබඳව වීඩියෝවක් නිකුත් කර තිබූ අතර එය මිලියන ගණනක ජනතාවක් නරඹා තිබුණි.


Walking around without a protective face mask? Well, you can't avoid these sharp-tongued drones! Many village and cities in China are using drones equipped with speakers to patrol during the #coronavirus outbreak. pic.twitter.com/ILbLmlkL9R
— Global Times (@globaltimesnews) January 31, 2020
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
