මුඛ ආවරණ පැළදිමත් සමඟ ශ්වසන අබාධ අඩුවෙයි
ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවත් එය කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර වෛද්‍ය සංගමය,ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රතුකුරුස සංවිධානය සිප්ලා (Sipla)ආයතනය, එක්ව අද (08) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී සංවිධානය කර තිබූ වැඩසටහනකදී මැදගෙදර මහතා මේ බව සදහන් කළේය.
ශ්වසන රෝග වලට ගොදුරුව සිටින පුද්ගලයින්ට රෝග උත්සන්න වීමත් සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පවතින බවත් මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් මුඛ ආවරණ පැළඳීම පුරුද්දක් ලෙස අඛණ්ඩව සිදුකිරීම සෞඛ්යාරක්ෂිත පියවරක් ලෙස තමා දකින බවත් මෙමඟින් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ ශරීරයේ ඇති විෂබීජ බාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවද ඒ මහතා සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කර්මාන්ත ශාලා,පාසැල්,පෙර පාසැල්,රාජ්‍ය ආයතන වසා දැමීමත් වාහන ධාවනය අවම වීමත් නිසා පරිසර දූෂණය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බවත් රට සාමාන්‍ය අතට පත්ව තිබෙන මෙම අවස්ථාවේ පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවද ප්‍රකාශ කළේය.
මෙවර පරිසර දින තේමාව ජෛව විවිධත්වය රැකගනිමු යන්න බවත් සතුන්,ගහකොළ,පස,වායුව ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකම බවත් කී විශේෂඥ වෛද්‍යවරයා පරිසර තත්ත්වයන් වෙනස්වන විට ඊට අනුගත වීමට අසීරුම සත්ත්වයා මිනිසා බවද එහිදි පැවැසිය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නන්දික හරිශ්චන්ද්‍ර,සිප්ලා ආයතනයේ විධායක අධ්යක්ෂ අසාම් ජවාඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

popular news
-
Kumar Monday, 08 June 2020 11:03 PM
මුක ආවරණ පළදින එක හොද ක්‍රියාවක්. දැනට ශවන ආබාද අඩුවී ඇත්තේ කොරෝනාව නිසා ප්‍රවාහන කටයුතු සහ පරිසරය දුෂනයවන අනෙක් ක්‍රියා නවතා දැමීමෙන් අවට වාතයේ ඇති අපද්‍රවය දුරුවී ඇති නිසයි. ඒ ගැන කවුරුවත් කතා කරන්න කැමති නැතිවා වගෙයි. තව ටික දිනකින් පෙර තිබුන තත්වයට පැමිණෙන්න ඉඩ තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

