මීතොටමුල්ල කුණු කන්දේ උද්‍යානය ජුලි විවෘතයි
මීතොටමුල්ල කුණු කන්දට විසඳුමක් ලෙස ඒ මත ඉදිකරන උද්‍යානයේ වැඩ රාශියක් මේ වන විට අවසන්ව ඇති බවත් එය ලබන ජුලි මාසය වන විට විවෘත කිරිමට හැකියාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.
අක්කර 28ක් පුරාවට මිටර් 21ක් උසකට මෙම කුණු කන්ද නිර්මාණය කල බවත් ඔහු ප්‍රකාශ කළේය.
මිතොටමුල්ල කුණු කන්දේ ඉඳිවන උද්‍යානය අක්කර 5ක් බවත් ඉතිරිය යොදාගෙන නගරයක් නිර්මාණය කරන ලෙසත් ඔහු බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට යෝජනා කළේය.

popular news
-
Champa Thursday, 28 March 2019 07:39 PM
"මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා..." ඔම්මෝ මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද? ඔන්න අහගන්න ඉතිහාසය. මීතොටමුල්ල කියන්නේ වගුරු බිමක්. ඉස්සරම ඉස්සර ඔතන කෘෂිකර්ම අමාත්‍යංශයට අයිති මහා කුඹුරු යායක්ලු. ඒ පැත්තට කියල තියෙන්නේ පොතුවිල කියලා. 1977න් පස්සේ කුඹුරු වැඩ අතාරලා දාල තියෙනවා JR ගේ විවෘත ආර්ථිකය ආවට පස්සේ. ඊට පස්සේ තමයි මිනිස්සු පදිංචි වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉස්සෙල්ලම ඔතන කුණු දාන්න පටන් අරන් තියෙන්නේ කොලොන්නාව නගර සභාව විසින් 1980 මුල කාලේ. එදා ඉඳන් එකතු කරපු කුණු තමයි ඔය එකතු වෙලා තියෙන්නේ. අවුරුදු 20 කට විතර ඉස්සෙල්ල දවසකට, දවසකට, කුණු ටොන් 50ක් ඔතනට වැටිලා තියෙනවා. දැන් දවසකට කොච්චර දමනවාද මම දන්නේ නැහැ. දන්නවද, ඔතන කුණු වැඩි හරිය මස් මඩු වලින් ඉවත දමන සත්තුන්ගේ කුණු ගඳ ගහන ජරාව කියලා? මම නෙමෙයි කියන්නේ, නගර සභාව! ඔතන උද්‍යානයක් හදන එක හොඳයි. 2017 මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ ඔතන කුණු කන්දට කරන්න පුළුවන් දේවල් මම LankaCNews එකට ලිව්වා මතකයි. මීට පස්සේ මරික්කාර් කතා කරන්න ඉස්සෙල්ල තමන් නියෝජනය කරලා පළාතේ ඉතිහාසය ඉගෙන ගත්ත නම් හොඳයි.
Reply : 56 382
rocky Friday, 29 March 2019 07:26 AM
නිර්මාතෘ වරයාගේ නමින්ම ඒක කුණු ගෝටාභය රාජපක්ස උද්‍යානය ලෙස නම් කරන්න!
Reply : 411 188
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

