මිළඟ ජනාධිපති සහ ආණ්ඩුව බිහිවන්නේ පොදුජන පෙරමුණෙන් - ප්‍රසන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඬිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (17) සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
පොදුජන පෙරමුණට තනිව තරග කර ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි ආකාරය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලොවටම පෙන්වූ බව පැවසූ රණතුංග මහතා මීළඟ ජනාධිපතිවරයා මෙන්ම මීළඟ ආණ්ඩුවත් බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් අවධාරණය කළේය.
ඉතිහාසයේ කිසිම පක්ෂයක් නොලැබූ ජයග්‍රහණයක් ලබන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු වෙලාවේවත් එවැනි විශිෂ්ට ජයක් ලබන්න පුළුවන් වුණේ නැහැ. අලුතෙන් හදපු පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණ ඒ ලැබූ ජයග්‍රහණය සුළුකොට තකන්න කාටවත් බැහැ.
පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණට ඒ ජයග්‍රහණය ලබන්න හැකිවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදයෙන් කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ පක්ෂය හැදුණේ ජනතාවගේ අවශ්‍යතාව නිසයි. මහින්ද මහත්තයා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වුණාට පස්සේ මහින්ද මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම නැති වුණා. ඒ වෙලාවේ මහින්ද මහත්තයාට ආදරය කරන ජනතාවට පක්ෂයක් නැතුව ගියා.
නිදහසෙන් පස්සේ මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයටත් නිදහස් පක්ෂයටත් ඇපත් නැති කරන්න අපට පුළුවන් වුණා. එහෙම නම් මීළඟ ජනාධිපතිවරණයේ දී අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා පොදුජන පෙරමුණ අවතක්සේරු කරන කතා අපි සහමුලින් ප්‍රතික්ෂේප කරනවා.

popular news
-
Dayan Monday, 18 February 2019 02:18 PM
පාරට පස් දාලත් විවුර්ත කරනවා. ලජ්ජා නැත්ද? තාත්තගේ සල්ලි වලින් වගේ.
Reply : 0 0
rocky Monday, 18 February 2019 02:36 PM
එතකොට අර කප්පම් කේස් එක ශේප් වේවි නේද? ඔවා, හලෝ දවල් හීන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
