මිහින්තලේ රාජ්‍ය පොසොන් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආලෝක පුජා පිංකම රැස්ව සිටි පිරිසගේ සාදු නාද මධ්‍යයේ අද (04)සවස මිහින්තලා රජමහා විහාරස්ථාන මැදමළුවේදි විවෘත කෙරිණ.
තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා ආලෝක පුජා පුන්‍ය උත්සවය මෙවර පවත්වන්නේ පනස් අටවන(58)වරටයි.
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
ආරෝග්‍යා පරමාලාභා යන තේමාව කරගත් මෙවර රාජ්‍ය පොසොන් මහා පිංකම රට තුළ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පොසොන් මහා පිංකම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.එම් චන්ද්‍රසේන,බන්දුල ගුණවර්ධන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් ,හිටපු රාජ්‍ය ඇමතිවරුන් වන ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් සමරකෝන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්.දයාරත්න මහතා හා අධ්යක්ෂ මණ්ඩලය,රාජ්‍ය පොසොන් කමිටු සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ද එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

