රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු අද (09දා) කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලාහෝර් සිට මෙරටට පැමිණි පාකිස්තානු ජාතිකයෙකි.
අදාළ සැකකරු ලාහෝර් සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්රෑම් 4කට අධික තොගයක් සොයා ගත් බවත් එහි වටිනාකම රු මිලියන 50කට අධික බවත් රේගුව සඳහන් කරයි.
පාකිස්තානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ගුවන්තොටුපොළ රේගුව සිදුකරයි.
