මිලියන 10ක කේරල ගංජා අල්ලයි
- 4 08 2022
- 13:21
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
යාපනය කයිට්ස් සහ පුංකුඩතිව් මුහුදු ප්රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්රෑම් 38 ක්පාවෙමින් තිබියදී අද (04දා) අලුයමසොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කයිටස් සහ පුංකුඩතිව් මුහුදු වෙරල ප්රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ උර තොගයක් දැක පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ප්රවාහනය කරමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම් කරුවන් විසින් කේරලගංජා මෙලෙස මුහුදට දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.
සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
