මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු විදේශීය සමාගමකට ලබා නොදෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (22දා) පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කිරීම සඳහා විදේශීය තාක්ෂණය හා වාහන පමණක් යොදාගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.
ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව වන මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සතුව දක්ෂ මිනුම්දෝරුවන් සිටින බවත්, ජාතික හැඟීමකින් කටයුතු කරන තමන් එම දෙපාර්තමේන්තුව විදේශීය සමාගම්වලට ලබාදීමට සූදානම් නැති බවත් කරුණාතිලක මහතා පවසා සිටියේය.