මිනිස්සු කළුවරේ තිබ්බට රවී ඊළඟ ආත්මේ බකමුණෙක් වෙනවා - රෝහිත
අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගිටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ නායකයින්ගේ දවස. ඒ අයට හොඳ දවසක් නිසා පුළුවන් තරම් බොරු කියන්න පුළුවන්.
අද ( 1) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි පා. ම රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
"සිංහල අවුරුද්දට රාජ්‍ය නායකයෝ කිරිබත් කනවා. වෙසක් දවසට පන්සල් යනවා. නත්තල් දවසට පල්ලි යනවා. අපේ අගමැතිතුමාත් අද බොරුවගේ දවස නිසා හොඳම බොරුව කියනවා අද දවසේ වාර්තා කරන්න. එතුමා හැමදාම බොරු කියපු කෙනා. වොක්ස්වැගන් කොම්පැනියවත් නොදැන මෙහෙ අනුශාඛාවක් හැදුවා. මෑත භාගයේදී ඕමාන රාජ්‍ය නොදැන තෙල් පිරිපහදුවකට මුල්ගල තිබ්බා. ලක්ෂ දහයකට රැකියා දෙනවා කිව්වා. ඒ වගේම රත්තරන් බඩු බේරලා දෙනවා කිව්ව අගමැති. මෝටර් බයිසිකල් දෙනවා කිව්ව. තෙමි තෙමි යන අයට නොතෙමි යන්න පුංචි කාර් දුන්න අගමැති. කප්පරක් බොරු කියපු මෙහෙම අගමැති කෙනෙක් ලෝකෙම නැහැ.
මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කළුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුණාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා. රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා.
ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආත්මේ කරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලි බලඇමැතිවරයා මිළඟ ආත්මේ බකමූණෙක් වෙනවා. නැත්නම් කාන්තාරෙක ඔටුවෙක් වෙලා ඉපදෙනවා. වතුර දෙන්නෙත් නැහැ. ලයිට් දෙන්නෙත් නැහැ. මිනිස්සුන්ව කරුවලේ තියපු පාපකර්මයට අහුවෙනවා" යැයි ඔහු පැවසිය.
කෂිනි හපුආරච්චි

popular news
-
Nandana Monday, 01 April 2019 09:12 PM
මාල කඩපු උන් මොක්කු වෙලා ඉපදෙඉද?
Reply : 0 0
rocky Tuesday, 02 April 2019 06:06 AM
නයෙක් වුනත් තමයි ප්‍රශ්නේ. මනේර්රම දෂ්ට කරන්න පුළුවනි!
Reply : 0 0
Don Tuesday, 02 April 2019 08:13 AM
වවුල්ලු බකමුනල හොඳට අඳුරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

