මැලේසියානු මාධ්‍යවේදිනියට අතවර කළ සැකකරු රිමාන්ඩ්
මැලේසියාවේ සිට සංචාරයකට පැමිණි මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතළ ලිංගික අතවරයක් සිදුකළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිවුදෙනෙකුගෙන් එක් අයෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත්, අනෙකුත් සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසටත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය අද (20දා) නියෝග කළාය.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කේ.ඒ. ලසන්ත දුලාන් කුමාර එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධිකරණයට යොමුකරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. පසුගිය 16 වැනිදා අනුරාධපුර පැරණි පූජා නගරයේ සංචාරයක නිරතවෙමින් සිටි අවිවාහක 25 හැවිරිදි මැලේසියානු ජාතික මාධ්‍යවේදිනියක වන චුවි පොන් යන අයට මෙසේ ලිංගික අතවර සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

