මැති ඇමති වැටුප් වැඩිකිරීමට අවසන් තීරණයක් නෑ - කරු
මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ සිදු වූ යෝජනා සම්මතයක් අනූව පාර්ලිමේන්තුවේ මැති ඇමති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු විය යුතු බවට තීරණය වී ඇත.
අධිකරණ ක්ෂේත්රයේ සිදු වූ වැටුප් වැඩිවීම පිළිබඳව සලකා බලා මැති ඇමති වැටුප් ද ඒ අනුව ගැළපිය යුතු බවට පෙන්වා දෙමින් තමන් වෙත ලැබී ඇති දැනුම්දීම් කථානායකවරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවත් කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
තීරණයකට එළැඹීමේදී 2006.11.23 යෝජනාව අනුව කටයුතු කරන්නේ ද නොඑසේනම් එය වෙනත් ආකාරයකට කටයුතු කළ යුතුද යන්න පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදී කරුණු විමසීමෙන් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත අදහස් ද විමසිමට හැකියාව ඇති බව දන්වා සිටින බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
rocky Saturday, 04 August 2018 09:09 AM
ජනතාවගෙන් බදු හූරන අතරේ පාර්ලිමේන්තු නියජිතයන් ඔවුන්ගේ පඩි වැඩිකරනවා නම් එය හෙන ගැසිය යුතු අපරාධයකි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
