මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකුට ද්විත්ව පුරවැසිභාවය පවතින බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසිය. අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ලේසිනේ කර ගත්ත වැඩක් නෙමෙයි. මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය ගැන කරලා තියෙන වැඩ ගැන අපිට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ.
අද පවතින නීති තත්ත්වයේ බරපතල අඩුපාඩු තිබෙනවා. අද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයට තරග කරන්න බෑ.
හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණ කොමිෂන් සභාවේ සාමජිකයෙකු ලෙස කටයුතු කරන්න පුළුවන්.
සේරටම වඩා වැදගත් කාර්ය භාරය පැවැරිලා තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට ඒ මැතිවරණ කොමිෂන් සභාවේ වෙන රටක පුරවැසියෙක් ඉන්නවා.
මේ ළඟදී විශාල ආන්දෝලනයකට ලක්වූ කොමසාරිස්වරයා වෙන රටක පුරවැසියෙක්. එයාට කිසිම බාධාවක් නෑ. මේක පිළිගන්න පුළුවන්ද? සාධාරණද? "