මැටි ගැසූ, පොල්අතු සෙවිලි යට අකුරු කිරීමට සිදුවිම දුකක්
ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිලි කළ අඩු පහසුකම් සහිත ස්ථාන වල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම් වලට පළාත් දේශපාලනඥයින් සෘජුවම වගකිව යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල් අංග සම්පූර්ණ පාසල් බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියා කර ඇති බවත් ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ දී පිළිගත් නිර්ණායක මත පදනම්ව එම කටයුතු සිදුකල යුතු බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඇතැම් අවස්ථාවල පළාත් දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් නිර්ණායක කඩ කරමින් කටයුතු කිරිම මගින් මෙවැනි ගැටලු නිර්මාණය වීම කනගාටුදායක තත්ත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් වාර්තා කැඳවා ඇති බවත් එවැනි සිදුවීම් සඳහා ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද මෙහිදි අවධාරණය කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Thursday, 14 March 2019 06:45 PM
දැන් මෙහෙම කියනවා. ඉස්සෙල්ල කොහොමද? බිලියන් ගණන් වියදම් කරලා smart classroom හදන්න හැදුව. බිලියන් ගණන් වියදම් කරලා tab දෙන්න හැදුව. දැන් කියනවා පොල් අතු ඉස්කෝල දුකක්ලු මෙයාට. දැන් වෙන්නැති දන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

