කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි කලපුවට සම්බන්ධ ඉදිකරන ලද කුඩා වැවක මාළු ඇල්ලිම සඳහා කුඩා ඔරුවකින් පුද්ගලයින් 5 දෙනෙකු ගොස් සිටියදි ඔරුව පෙරළිමෙන් පුද්ගලයින් 3 දෙනෙකු දියේ ගිලි අතුරුදහන් වි ඇති අතර දෙදෙනෙකු පිහිනා අද ( 25) දින ගොඩට පැමිණ ඇත.
මෙම අතුරුදහන් වුවන් තිදෙනා කල්ලඩි නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මීට සුළු මොහොතකට පෙර සොයා ගෙන ඇත.
තතිරිනෙට්තු , ආරියම්පදි පදිංචි සුරේෂ් කුමාර් සෙල්වනගර් නැගෙනහිර පදිංචි නගුලේන්ද්රන් දිවාහරන් සෙල්වනගර් නැගෙනහිර පදිංචි ජගුසන් යන අය මෙලෙස ජිවිතක්ෂයට පත් වුවන් අතර වෙති.
කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
