මෙවර මාස්කන්නය ආරම්භ කිරිමට කවුඩුල්ල වැවේ ජලය නොමැතිකම නිසා මැදිරිගිරියේ පවුල් 21,000ක් සහ මුඵ ජනගහනය 79,000කට අසන්න පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටින බව ගොවි සංවිධාන පවසති.
කවුඩුල්ල වැවෙන් පෝෂණය වන ගොවි පවුල් 7,000ක් සහ මුළු ජනගහනය 79,00කට වැඩි පිරිසක් මැදිරිගිරියේ සියලු ව්‍යාපාරවල නිරත ව්‍යාපාරිකයන් ද ඇතුළු කුලි කරුවාගේ සිට සියලුම දෙනාගේ දෛනික කටයුතු සියල්ල අඩපණ වි ඇති බවත් එවැනි තත්ත්වයක් ඇතිවිමට කටයුතු කල පාලකයින් සහ වාරි මාර්ග නිලධාරින් වගකිව යුතු බව ගොවිහු පවසති.
මේ පිළිබඳ අදහස් දැක්වු අසංක කරුණාරත්න මහතා,
මේ වන විට ඇළහැර ව්‍යාපාරය , පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය ,ගිරිතලේ , මින්නේරිය , ඇතුඵ සියලුම මහවැලි කලාප සදහා මාස්කන්නය සදහා ජලය නිකුත් කරලා ඉවරයි. නමුත් කවුඩුල්ල ව්‍යාපාරය සදහා ජලය නිකුත් කිරිමට තරම් ජලය නැ කියලා වාරිමාර්ග නිලධාරින් කියනවා. කලින් රට පාලනය කල රජා කිව්වා මොරගහකන්ද ජලාශය හදපුවාම පොළොන්නරුවේ ගොවින්ට කන්න තුනක් වැඩ කරන්න පුළුවන් කියලා. එහෙම කියපු ජනාධිපතිවරයා මොරගහකන්ද හදන්න ඉඩම් ගත්ත මිනිස්සුත් මැදිරිගිරියට ගෙනත් දැම්මා. දැන් ඒ මිනිස්සුන්ටත් කන්න නැ. මොකා රට පාලනය කලත් වැඩක් නැ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න උවමනාවක් නෑ. මාස් කන්නයට වතුර නැ කියන්නේ යල් කන්නේට කොහොමත් වතුර නැ. ඒ වුණාට අපේ කර උඩින් වතුර අරන් යනවා කන්තලේට. ඇයි මේ හරක්ට තේරෙන්නේ නැද්ද මැදිරිගිරියේ ඉන්නෙත් බත් කන මිනිස්සු කියලා. මොකා රට පාලනය කලත් මැදිරිගිරියේ ගොවියෝ හැමදාම අනාථයි. ගොවි පුතෙක් කියලා එක මිනිහෙක් රටේ නායකයා වුණා එයා පාරවල් හදන්න පටන් ගත්තා. ගොවින්ට පාරවල් වැඩක් නැ පාරවල් කන්ඩද. හැමදාම වතුර ඉල්ලලා පාරට බහින්න ඕනි. වි ටිකට මිලක් ඉල්ලලා පාරට බහින්න ඕනි. පොහොර ඉල්ලලාත් පාරට බහින්න ඕනි. මේක හරි මඟුලක්නේ යකෝ. රටේ ප්‍රධාන ජිවනෝපාය කෘෂිකර්මාන්තය ඒ වුණාට එක දියුණු කරන්න මොකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැ. අපි කියන්නේ අපිට මේ මාසේ ඉවර වෙන්න කලින් වතුර දුන්නේ නැත්තම් අපි පොළොන්නරුවේ සහ මැදිරිගිරියේ සියලු ගොවියෝ විශාල උද්ඝොෂණයක් කරනවා යැයි කිය.
මේ සම්බන්ධයේන් පොළොන්නරුව කලාපහර වාරි මාර්ග අධ්‍යක්ෂක එස් කේ හේවාගම මහතා පවසා සිටියේ
කවුඩුල්ල වැවෙන් වගා කිරිම සදහා ජලය නිකුත් කිරිමට අඩුම ගානේ වැවේ ධාරිතාව අක්කර අඩි 65,000ක් පමණ තියෙන්න ඕනි. නමුත් දැන් වැවේ තියෙන්නේ අක්කර අඩි 40,500ක් විතරයි. අනික මේ වැවේ සොරොව් දෙකක් තියෙනවා. ඒ තමයි පහත් මට්ටම් සහ ඉහළ මට්ටම් කියන සොරොව් දෙක. පහත් මට්ටමේ සොරොව්වෙන් වගාව සදහා ජලය නිකුත් කිරිම සදහා අක්කර අඩි 25.000 විතර තමයි වුවමනා වෙන්නේ . නමුත් ඉහළ මට්ටම් සොරොව්වෙන් ජලය නිකුත් කිරිම සදහා අක්කර අඩි 65,000ක්වත් තියෙන්න වැවේ ඕනි. උස්මට්ටම් සොරොව්වෙන් කුඹුරු අක්කර 8000ක් විතර වගා කරනවා. පහත් මට්ටම් සොරොව්වෙන් කුඹුරු අක්කර 6000ක් විතර තමයි කරන්නේ. මේ වන විට වැවේ තිබෙන ජල ප්‍රමාණයෙන් පහත් මට්ටම් සොරොව්වෙන් ගොවිතැන් සදහා ජලය නිකුත් කිරිමට හැකියාව තිබෙන බව ගොවින්ට දැනුවත් කළත් ගොවින් කැමැති නෑ එහෙම ජලය ලබා ගන්න. ගොවින් කියන්නේ සොරොව් දෙකෙන්ම එක පාර ජලය දෙන්න කියලා තමයි. මේ වනවිට මොරගහකන්ද ජලාශයේ ධාරිතාව අක්කර අඩි 1,95,000ක් විතරයි තියෙන්නේ. එකෙන් මින්නේරිය, ගිරිතලේ සහ ඇළහැරට දෙන්න ඕනි. වැස්ස නැතුව කවුඩුල්ලට ජලය දෙන්න විදියක් නෑ. වැස්සොත් දෙන්න පුළුවන්. වැස්සේ නැත්නම් මෙවර මාස්කන්නය සදහා කවුඩුල්ලට වතුර දෙන්න විදිහක් නෑ. වාරිමාර්ග අධක්ෂකවරා පැවසීය.
පොළොන්නරුවේ ගොවියෝ කිසිදු මාස් කන්නයක් වගා කිරිමට ජලය ඉල්ලා උද්ඝෝෂණවල නිරත වි නොමැති අතර මෙවර මාස් කන්නයේ ගොවිතැනට ජලය ඉල්ලා පාරට බැස හෝ මාරාන්තික උපවාසයක් සිදු කර හෝ ජලය ලබා ගත යුතු තැන ගොවින් සිටින බවත් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ගොවියාගේ අවශ්‍යතා ඉටුකර ගත්තේ අරගල කිරිමෙන් නිසා මෙවරද නොබෝ දිනකින් මැදිරිගිරියේ ගොවින්ගේ බඩවියත රැකගැනිමට දිවි පරදුවට තබා අරගල කිරිමට සිදු වෙනු ඇති බව ගොවින් පවසා සිටිති.
