මාවනැල්ල සිදුවිමෙන් පසුව උපරිම ක්‍රියාමාර්ග ගන්න කිව්වා - කබීර්
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තමන් කැබිනට් මණ්ඩලයේදී පවා සඳහන් කළ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය
කොළඹ අරලිය ගහ මන්දිරියේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. වනාතවිල්ලුවේදී බෝම්බ නිශ්පාදනය කිරීමේ කල්ලියක් අත්අඩංගුවට ගැනිමෙන් පසුව ඔවුන්ගේ ප්‍රධානියා නිදහස් කරන ලෙසට දේශපාලන බලපෑමක් පොලීසියට තිබි ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම එසේ නිදහස් කළ පුද්ගලයා මෙම මරාගෙන මැරෙන එක් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ පිළිබඳව ඉදිරි දින දෙක තුළදී පැහැදිලි පිළිතුරක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
rocky Monday, 22 April 2019 01:53 PM
ඔබ සඳහන් කරන දේශපානඥයා ගැන අනුමානයක් අපට තිබෙනවා. ඔහු වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

