මාලඹේ එකම පවුලේ 3ක් කොවිඩ් නිසා මරුට
කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක්ය. මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්රාමික හෙදියකි.
මිය ගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹු-සැමි යුවළගේ දියණිය ගේ සැමියාගේ මව බව පොලීසිය කියයි.
ඉකුත් විසි දෙවැනි මොවුන් තිදෙනා අයි ඩි එච් රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය තුන්වැනිදා ඔවුන් තිදෙනාම මියගොස් තිබිණි
මියගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතණුවන් ද කොරෝනා වෛරසය ආසාධිත ව මුල්ලේරියාව රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය කියයි.
මියගිය තිදෙනාගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේ දී පෙරේදා (3) සිදුකර තිබූ බව පොලිසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

