මාලඹේට එරෙහි සටනට යපනය හා නැගෙනහිරත්
- 12 10 2014
- 19:12
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගෙනයන වැඩපිළිවෙළට යාපනය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සහාය හිමිව තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් යාපනය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උපසභාපති පී. අභිහරන් සහ නැගෙනහිර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල දිසානායක යන මහත්වරු මේ බව පවසා සිටියහ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, තම තමන්ගේ වෛද්‍ය පීඨවලට බලපා ඇති ගැටලුවලට විසඳුම් දිනාගන්නා අතරතුර පොදුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කටයුතුවලට සක්‍රීයව දායකත්වය ලබාදෙන බවයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
