ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්රී ලාංකිකයන් පිරිස මාලදිවයින තුළ සංචාරක හෝටල් වල සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .
මෙම ගුවන් මගීන් පිරිස රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානය මාලදිවයිනේ මාලේ නුවර සිට අද දින පස්වරු 1.45 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මත්තල ගුවන් තොටුපළ තුළදී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කළ අතර , ඒවායේ ප්රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දී තිබුණි .
