මාලදිවයිනේ කථානායකවරයා පැමිණෙයි
මාලදිවයින ජනරජයේ 19වැනි කථානායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (16දා) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය .එතුමා සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකුද පැමිණ සිටියහ.
මෙම පිරිස ඊයේ දහවල් 12.45ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
එම පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මාලදිවයින කථානායකවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර 19දා සවස මෙරටින් පිටත්ව යාමට නියමිතය.
කටුනායක - ටී.කේ.ජී.කපිල

popular news
-
Samson de silva Monday, 17 January 2022 02:57 AM
Maala Diwaina kathaanaayaka warayaagen, kathaanaayaka kenek hesiriya yuthu andama gena paadamak ara thamange pakshaye ewunge passa lewakana apey (kathaanaayaka) booruwaata labaa denna katayuthu kaloth watinawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

