මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත්වීම ලංකාවට වාසියක් - අමුණුගම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට අවාසියක් සිදු නොවන බවත් එය වාසියක් විය හැකි බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා උඩරට උරුමය පිළිබඳ ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ඊයේ (23දා) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවැසීය.
“ මානව හිමිකම් කවුන්සිලය පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා හා නිතීරීති ගෙන ආවා. ඔවුන්ගේ මුල්‍ය හා සංවිධානාත්මක පදනම ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල්. මෙම කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වීම එක් පැත්තකින් එහි මූලික ගඩොලක් ඉවත් වීමක් ලෙස සැලකිය හැකියි. ඇමරිකාව මින් ඉවත් වීමත් සමග ඉදිරියේදී කවුන්සිලයේ කටයුතු අර්බුදයකට යෑමට ඉඩ තිබෙනවා. ඒ සමග අපේ රටේ දේවල්වලට ඇඟිලි ගැසීමට ඇති ඉඩද සීමා වීමට පුළුවන් “

චමිල් රූපසිංහ
-
Don Sunday, 24 June 2018 08:20 PM
Why not SriLanka follow America
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

