මානව හිමිකම් කඩ කරන්න ඉඩ දුන්නේ නෑ ඉඩ දෙන්නෙත් නෑ
සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත් ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය. තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවද ඔහු පැවැසීය.
යුද්ධයෙන් අතුරුදන් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.
කාර්යක්ෂම අධිකරණ ක්‍රම වේදයක් රටට අවශ්‍ය බවත් ඔහු පැවැසීය.
popular news
-
rocky Tuesday, 18 January 2022 01:38 PM
Kawuda Nodanne, E bawa, Kawuda nodanne!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

