මාධ්‍ය එළියට දැම්මට මැරුවේ නෑ
එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ව සිරිකොත මූලස්ථානයේ ඉවත් කිරිමට කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කලකිරීමට පත්වූ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් විමසූ විට පැවැසුවේ වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන් මාධ්‍යවේදීන් ඝාතනය නොකළ බවයි.
ප්‍රශ්ණය - මාධ්‍යවේදීන් එළියට දානවා බල්ලෝ වගේ. මොකද ඒ?
එළියට දැම්මත් කමක් නෑනේ මරන්නේ නැතිව මල්ලි. ගියපාර 36ක් මැරුවා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. පොඩ්ඩක් එළියට වෙලා ඉන්න කිව්වට අපි ඇවිත් මේ උඹලට කතා කරන්නේ? ගැහුවෙත් නෑ, මැරුවෙත් නෑ පොඩ්ඩක් එළියට යන්න කිව්වා. ගණන් ගන්න එපා.
විජයකලා මන්ත්‍රීවරයි ස්පීකර් ෆෝන් දමා කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ තමා ඒ කළේ ජාතික කර්තව්‍යයක් බවයි.
“පසුපෙළ මන්ත්‍රීවරුන් මේ වැඩේ නවත්වන්න කියලා කියනවා කියලා මම පත්තරෙන් දැක්කා. මම නම් ඒක දිගටම කරනවා. මහජන නියෝජිතයන් ලෙස අපි කෙළින් කතා කරන්න ඕන. හොරු තමයි හැංගෙන්නේ. ”

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

