මාදුරුඔය ජලාශයට පාවෙන සූර්ය බලාගාරයක්
මාඳුරු ඔය ජලාශයේ පාවෙන මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරිම සඳහා වන ව්‍යාපෘතියට අදාළව ඒකාබදධ ක්‍රියාකාරී කමිටුවක් පත් කිරිමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන හා විදුලි බල හා බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කේෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා කැනඩා රජය විසින් යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය කැනේඩියන් සෝලර් ආයතනය සමග ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කිරීමටත් ඒ පිළිබඳව ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටත් මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

popular news
-
Champa Wednesday, 20 March 2019 04:04 PM
ඒකත් පිටරටකට දීල. මාදුරු ඔයත් අන්තිමට රටට නැති වෙනවා. නොමිලේ ලැබෙන හිරු එළියෙන් වත් වැඩක් ගන්න දන්නේ නැති මෝල් ආණ්ඩුව. මං තව තැනක දැක්ක තෙල් පිරිපහදුවක් 100% ක්ම විදේශ රටවලට දීල තියෙනව. 70% සිංගප්පූරු සමාගමකට. සියයට 30ක් ඕමානෙට. ඒ කියන්නනේ මේ පිරිපදුවේ ඉඩම් ඔක්කොම අයිති වෙන්නේ විදේශිකයන්ට. ඒ පැත්ත සම්පූරනයේම වෙන් කරගනියි. සිංගප්පූරු සමාගම් කිව්වට ඒක පිටිපස්සේ ඉන්නේ සිංගප්පූරු සමගම නොවෙන්න පුළුවන්. කොටි මුදල් යොදවල වෙන්න පුළුවන් ගන්නේ. දැන් මේක තමයි අලුත්ම ජාවාරම. ඇත්ත රට මොකක්ක්ද දන්නේ නැහැ. Proxy සමාගම් යොදවල ලංකාවේ කර්මාන්ත සහ ව්‍යාපාර ගන්නව. ඊට පස්සේ ඔක්කොම ලියකිලිවිලි අත්සන් කලාට පස්සේ වෙන සමාගමකට පවරනවා.
Reply : 0 0
Champa Wednesday, 20 March 2019 06:03 PM
අර oil refinery එක කරන්න යන්නේ සිංගප්පූරු සමාගමක් නෙමෙයි ඉන්දියන් සමාගමක් කියල අද දැක්ක වෙන තැනක. ඉන්දියාවට 70ක්. හොඳයි වැඩේ.මේවා නෙමෙයි. මේ තමයි ලංකාවේ ඉඩම් ටික විදේශිකයන්ට අවුරුදු 200 ගණන් වලට ගන්න ලේසිම ක්‍රමය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

